සුමතිපාල දීයගහගේ
ටී 56 ගිනිඅවියක්, එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ 29 ක් සහ පතරොම් ගැබ එකක් සමඟ සැකකරුවෙක් කහටපිටියේදී අත්අඩංගුවට ගත් බව බටපොල පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත සැකකරු ගමන් කරමින් තිබු යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමේදි සැකකරු ළඟ තිබී මෙම ගිනිඅවි සොයා ගෙන ඇත.
මොහු යාපනය මලයාඩි යුදහමුදා ඉංජිනේරු බළකායට අනුයුක්තව සේවය කර පලා ගොස් ඇති කෝප්‍රල්වරයකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ගාල්ල හියාරේ පදිංචි සැකකරු 31 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.