(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)
පොලිස් වෙඩි පහරින් මිය ගිය 'ගොනාකෝවිලේ රොහා' නමැති පාතාල සාමාජිකයාට අයත්ව බව කියන ටි - 56 වර්ගයේ ගිනි අවි 03 ක්, ඒකේ 47 වර්ගයේ ගිනි අවි 02 ක් සහ මැගසින් දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු කහතුඩුව, හෙරළියාවල කැළෑ බඳ ප්‍රදේශයක සගවා තිබියදී අද (05) දින රාත්‍රියේ අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්තාන විශේෂ වැටලීම් ඒකකය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්තාන විශේෂ වැටලීම් ඒකකයේ බුද්ධි නිළදාරීන්ට ලද තොරතුරක් මත රත්මලාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත හෙරළියාව ප්‍රදේශයේ කැළැබද ප්‍රදේශයක සගවා තිබියදී මෙම අවි තොගය සොයා ගත් බවද එම ඒකකය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙරොයින් පානයට දැඩි ලෙස පුරුදුව ඇති අය බවත් රත්මලානෙ ප්‍රදේශයේ කානුවක තිබි හමු වූ මෙම ගිනි අවි, දෙදෙනා විසින් මෙම කැලෑබද ප්‍රදේහයේ සගවා පසුව අලෙවි කර මුදල් ගැනීමට සිට ඇතැයි සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද එම ඒකකය පවසයි.
අත් අඩංගුවට ගත් ගිනි අවි සහ සැකකරුවන් වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා කහතුඩුව පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු කර ඇත.