ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)
 
තණමල්විල මීගස්වැව ප‍්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (7) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල මීගස්වැව පදිංචි වයස අවුරුදු 34 හැවිරිදි පුද්ගලයෙකි.

තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සදහා රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.