ගිනි අවියක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)

තණමල්විල සෙවනගල ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 උණ්ඩ 14ක් බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 පතරොම් 32ක් සමග එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු අද (17) උදෑසන සූරිවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.

සෙවනගල සෙවනගල හංදිය පදිංචි වයස අවුරුදු 66ක සහ වයස අවුරුදු 28ක බාප්පා සහ  පුතෙකු මෙම ගිනි අවි සහ පතරොම් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සෙවනගල පොලීසියට බාරදී තිබේ. සෙවනගල පොලිස් ස්ථනාධිපති පොලිස් පරීක්ෂක යූ.එන්. අමරසිරි  මහතාගේ උපදෙස් පරිදි සෙවනගල පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.