(ඔගස්ටින් ප්‍රනාන්දු)
වන සතුන් දඩයම් කිරිමට ගිනි අවියක් සුදානම් කරමින් සිටිය දි එම ගිනි අවිය පුපුරා යාමෙන් 38 වැනි වියේ පසු වන පුද්ගලයෙකු මිය ගොස් සිටිය දි අද ( 17) සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ආණමඩුව සංඝට්ටිකුලමේ විසු අබ්දුල් කාදරු උමර්ඩීන් ( 38 )නමැති අයෙකි.
මිය ගිය පුද්ගලයා ගිනි අවියක් යොදා ගෙන ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිමට පුරුදු වු අයෙකු බවත් ඒ අනුව ඔහු එසේ සකස් කළ ගිනි අවියක් ද රැගෙන වන සතුන් දඩයම් කිරිම පිණිස සිය නිවසින් පිටව ගිය බවට තොරතුරු ලද බවත් පොලිසිය කියයි.
දඩයම අවසන් කර ඔහු නිවසට නොපැමිණි නිසා අද (17) ඔහු සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය පිරිසකට ඔහු ප්‍රදේශයේ අත්හැර දමන ගොවිපලක් තුළ මිය ගොස් සිටියදි හමුවු බවත් ඔහු විසින් සතුන් දඩයම් කිරිමට ගෙන ගිය ගිනි අවිය ද කැබැලි වී පිපිරිමකට ලක්ව ඒ අසළ වැටි තිබිය දී හමුවු බවත් පොලිසිය කියයි.
මිය ගිය අය වන සතුන් දඩයමට ගිනි අවිය සුදානමින් කරමින් සිටිය දී එය පුපුරා ඒ සමගම ඔහු ද සිය ගොස් ඇති බවට සැක කරන බවත් පොලීසිය සඳහන් කරයි
සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂයක් සදහා ආණමඩුව මුලික රෝහල කරා ගෙන ගොස් ඇති බවත් කියයි.