(ඩී.ජී.සුගතපාල)
ජංගම මුර සංචාරයේ යෙදි සිටි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් අද (31) අලුයම 3.30ට පමණ රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේදි නීති විරෝධි ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම විජයරත්න මාවත පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබි සොයා ගෙන ඇත්තේ මිලිමීටර් 9වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියකි.සැකකරු සහ ගිනි අවිය වැඩිදුර පරික්ෂණ සඳහා රත්ගම පොලිසියට බාරදි ඇත.
විශේෂකාර්යබලකාකඳවුරේපොලිස්පරික්ෂකමහතාඇතුලු නිලධාරිකණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.