ගිනි අවි තුනක් ළග තබාගෙන දඩ කයි


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

ගිනි අවි තුනක්, උණ්ඩ  7ක්  සහ  වෙඩිබෙහෙත්  ග්‍රෑම්  43 ක් ළඟ  තබාගත් පුද්ගලයෙකුට රුපියල්  45,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියෝග කළේය.

පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් මෙගොඩ වලේබොඩ  ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම විය. 

මොහු ළඟ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් සහ  කොටන තුවක්කු  දෙකක්  මෙලෙස අත්අඩංගුවට ගැණිනි. 

ගිනි අවි සමග මොහු ඊයේ (20)  රාත්‍රියේ  අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ නියම කෙරිණි.