( නිශාන්ත කුමාර )
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කුඩාලුණුක ගම්මානයේ නිවසක සඟවා තිබූ බලපත්‍රයක් නොමැති නීතිවිරෝධි බෙහෙත් කොටන තුවක්කුවක් හා වන සතුන් දඩයම් කිරීමට අටවනු ලබන බට තුවක්කු තුනක් සැකකරුවෙකු ද සමඟ අද (20) දහවල් හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත්බව රිදිමාලියද්ද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද , කුඩාලුණුක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකි.
අත්අඩංගුවටපත් පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත අතර අතර ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට නියමිතය.
ගිනි අවි 4 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
Recommended Articles