(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කොග්ගල කඩේ හන්දිය ප්රදේශයේ කඩ පෙළක අද (17) ඇතිවූ ගින්නක් හේතුවෙන් ඡායාරූප ශාලාවක් විනාශ වී ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල මගනගර සභාවේ නාගරික ගිනි නිවන ඒකකය මැදිහත් ව මෙම ගින්න තවදුරටත් පැතිර යාම වළක්වා ගින්න නිවා දමා ඇත.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.