(මොහොමඩ් ආසික්)
ග්‍රාම නිලධාරින්ට බලපාන ගැටළුවලට ඉක්මනින් විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පවසයි.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති කේ.ඒ.එස් කොඩිකාර මහතා මේ සම්බන්ධයෙන් අද (10) මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ කොඩිකාර මහතා, රජයේ සියලු සේවාවන්ට සේවා ව්‍යවස්ථාවක් තිබුණත් ග්‍රාම නිලධාරිසේවයට පමණක් සේවා ව්‍යවස්ථාවක් නැති බවත් විධිමත් සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම නිසා විවිධ ගැටළු මතු වන බවත් ඔහු කීය.
මේ වන විට සේවා ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත සකස් කර තිබුණත් වැටුප සහ බඳවා ගැනීමේ මූලික සුදුසුකමට වෘත්තිය සමිතිවලට තවමත් එකඟ වෙන්න බැරි වී ඇති බවත් ඔහු කීය.
පසුගිය කාලයේ වැටුප් පරිවර්ථන සිදු වන අවස්ථාවේදී ග්‍රාම නිලධාරින්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් 2/97, - 15/2003, - 2009/7 යන වැටුප් පරිවර්ථන තුනේදීම ග්‍රාම නිලධාරින් රාජ්‍ය කළමණාකරණ සේවයට වඩා වාර්ෂිකව රුපියල් 6600 ක ඉහළ වැටුප් තලයේ. නමුත් 6/2006 වැටුප් පරිවර්ථනයේදී ග්‍රාම නිලධාරින්ගේ වැටුප රාජ්‍ය කළමණාකරණ සේවයට වඩා පහළට ගිය බවත් මේ වැටුප් විෂමතාවය නිවැරදි කර ඒ එන වැටුප මූලික වැටුප විය යුතු බවත් ඔහු කීය.
රාජ්‍ය පරිපාලනයේ ග්‍රාමීය මට්ටමේ ඉන්න ප්‍රධාන නිලධාරියා වන ග්‍රාම නිලධාරීන්ට මෙවැනි ගැටළු රාශියක් සමඟ සිය රාජකාරිය කරන්නට සිදුව ඇති බැවින් මේවාට ඉක්මන් විසඳුන් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තිය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති කේ.ඒ.එස්. කොඩිකාර මහතා කීය.