ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
ගාල්ල වටරැක සෝභිත මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසක් නිවැසියන් බැහැරට ගොස් සිටියදී බිඳ රුපියල් 48,000ක් වටිනා පෞරාණික පිත්තල භාණ්ඩ සොරා ගත් හෙරොයින් පානයට ඇබ්බැහිවුවෙකු අද (24) රාත‍්‍රී සැකපිට බෝපේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි.
සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී කළ අනාවරණයට අනුව සොරා ගන්නා ලද භාණ්ඩ ද ගෝනියක දමා ගැට ගසා වටරැක කැලෑවක සඟවා තිබියදී පොලීසිය බාරයට ගෙන තිබෙන බවයි.
31 හැවිරිදි සැකකරු බෝපේ පදිංචිකරුවෙක් වන අතර අවිවාහකයෙකි. සොරා ගන්නා ලද භාණ්ඩ අතර පිත්තල මල්වාස් 04 ක්, කුකුළා පිත්තල පහනක්, සහ වසර 100 ක් පැරණි පිත්තල කළයක් ද වන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරු සමඟ පොලිසිය බාරයට ගන්නා ලද පිත්තල භාණ්ඩ අද (25) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.