ගාල්ල, මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් ප්‍රාථමික පාසල් හා ද්විතියික පාසල් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම තාක්ෂණ පීඨය පාසල වෙත ලබා දී තිබේ.
පසුගිය වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේදී තාක්ෂණ විෂය ධාරාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමිකරගත් මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්.එන්. ෆාරා නිෆිලා සිසුවියට සම්මානයක් පිළිගැන්වීම ද එහිදී සිදු විය.

![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/021.png)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/061.png)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/081.png)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/091.png)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/141.png)
