ඩී.ජී.සුගතපාල
ගාල්ල මහජනපොළ භූමියේ ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් පොලිස් ආරක්ෂාව සහිතව අද (20)ගිය අවස්ථාවේ එහි වෙළඳුන් ඒවා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් හැසිරිමට පටන් ගැනිමත් සමඟ උණුසම් තත්වයක් ඇති විය.
පසුව එම ස්ථානයට පැමිණි ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ජිලිත් නිශාන්ත සහ ස්වාධින මන්ත්‍රි යූ.පී.කුලතිලක යන මහත්වරුන්ද මෙම ඉවත් කිරිමට විරෝධය පළ කරන්නට විය.
ජාලිත් නිශාන්ත මන්ත්‍රිවරයා කියා සිටියේ මෙය පොහොට්ටුවේ නගරාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් අයගෙන් කරනු ලබන දේශපාලන පළි ගැනිමක් බවය. එනිසා පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙසද මන්ත්‍රිවරු වෙළඳුනට කියා සිටියේය.
ඒ අනුව වෙළඳුන් පිරිසක් පොලිසියට ගොස් සිද්ධිය පැවසිමෙන් පසු මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතා පැමිණ අධිකරණ නියෝගයක් ලබාගෙන එන ලෙස නගර සභාවේ නිලධාරින්ට කියා සිටියේය.
ඉන්පසු කඩා ඉවත් කිරිම් නතර කළේය.පසුව නගර සභාවේ නිලධාරින් අධිකරණ නියෝගයක් ලබා ගෙන එන බව පවසා පිටව ගියහ.
මෙයට විරෝධය පළ කරමින් එක් කාන්තාවක් වහළක් උඩ නැගි සිටි අතර නාගරික මන්ත්‍රි ජිලිත් නිශාන්ත මන්ත්‍රිවරයා පැමිණි මෝටර් රථයද බැකෝ යන්ත්‍රය හරස් කර නවතා තිබිණි.