(සුමතිපාල දීයගහගේ)
හබරාදුව බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් නිශ්පාදන කම්හලක් වසා දමන ලෙස ඉල්ලා බෝගහගොඩදී ගාල්ල අකුරැස්ස මාර්ගය අවහිර කරමින් අද (18) ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කළ උද්ඝෝෂණය ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීමක් අනුව පැය තුනකට පසු උද්ඝෝෂණය නතර කළහ.
උද්ඝෝෂකයෝ හමුවට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා මෙම කම්හල පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර නඩුවක් පැවරීමට කටයුතු කරන බවට උද්ඝෝෂකයන්ට දුන් පොරොන්දුවක් අනුව තාවකාලිකව උද්ඝෝෂණය නතර කළහ.
පැය තුනකට අධික කාලයක් සිට පැවැති උද්ඝෝෂණයට ප්‍රදේශවාසින් තුන් සියයක් පමණ ගාල්ල අකුරැස්ස මාර්ගය බෝගහගොඩදී සම්පුර්ණයෙන්ම අවහිර කිරීම හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා එල්ල විය.