(සිරංගිකා ලොකුකරවිට)
ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ මූලික අදියරේ සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 57ක වැඩ කටයුතු ආරම්භ කිරීම අද (20) සිදු කෙරිණි.
මේ අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මකුළුව ග්‍රාමසේවා වසමේ චන්ද්‍රරත්න නාහිමි මාවතේ පිහිටි ජල බස්නා මාර්ගය නවීකරණය සඳහා මූලික කටයුතු ආරම්භ කිරීම ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථෘව සඳහා ජනාධිපති ව්‍යාපෘති සම්බන්ධිකරණ ලේකම් චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් සි ද සොයිසා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
ව්‍යාපෘතියේ මුල් අදියර සඳහා රුපියල් ලක්ෂ 02ක ප්‍රතිපාදන වෙන්ව ඇත. මෙම ග්‍රාම සේවා වසමේ පවුල් 30ක් පමණ පංදිංචිව සිටින අතර කානු පද්ධතිය අවහිර වී තිබීම හේතුවෙන් හදිසි ජල ගැලිම් ඇතිවූ විට නිවැසියන් පීඩාවට පත්වන බව මෙහිදී සඳහන් විය. එමගින් ප්‍රවාහන දුෂ්කරතා සහ පාරිසරික ගැටලු රැසක් ද පැන නගින බව ප්‍රදේශවාසීහු පවසා සිටියහ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.