(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත පස්යාල කිතානවත්ත ග්‍රාම නිලධාරීවරයාට මැර ප්‍රහාරයක් එල්ලකිරීමට විරෝධය පාමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීහු සහ සංවර්ධන නිලධාරීහු අද(27) මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක යෙදුනහ.
පසුගිය 23 වෙනිදා රාත්‍රියේ පස්යාල අත්තනගල්ල පාරේ ඇල්ල මුල්ල ප්‍රදේශයේ දී මැර ප්‍රහාරයකට ගොදුරු වූ ග්‍රාම නිලධාරී තේජා කුමාරසිංහ මහතා පාදයක් අටපොළකින් බිඳී බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බවත් පරීක්ෂණ නිසි ආකාරව පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බව විරෝධතාවේ නිරත ගාම නිලධාරීහු සඳහන් කළහ.
මීරිගම දිවුලපිටිය අත්තනගල්ල ගම්පහ හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ග්‍රාම නිලධාරීහු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
උද්ඝෝෂණයට එක්ව සිටි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කළේ ප්‍රහාරයට ලක් වූ කුමාරසිංහ මහතා ඔහුගේ බල ප්‍රදේශයේ මත් උවදුර දුරුකිරීමට මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කිරීම හේතුවෙන් එවැනි කල්ලියකගේ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි. මේ තත්ත්වය මත නීත්‍යානුකූලව ඍජුව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරලීම රජයේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් නොගන්නේ නම් දිවයිනේ සමස්ත ග්‍රාම නිලධාරීන් මෙම විරෝධතාවයට එක් කර ගැනීමට නියමිත බව ද මෙහි දී කියවිණි.