(අනීෂා මානගේ)
ගව ගාලකින් සොරකම් කරන ලද මී ගවයින් සහ එළ ගවයින් 14 දෙනෙක් බලපත්‍ර නොමැතිව හිංසාකාරී අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට වෙඩි තබා එහි සිටි සැකකරුවෙක් අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පිහිටි ගව ගාලකින් සොරකම් කරන ලද මී ගවයින් 11දෙනෙක් සහ එළ ගවයින් තිදෙනෙක් හිංසාකාරී අන්දමින් ලොරි රථයක පටවාගෙන ගාල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස ලොරි රථයට වෙඩි තබා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීහු කියති.
තංගලු වෙල්යාය ආසන්නයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දුටු ලොරි රථයේ රියැදුරු රථය ආපසු හරවා අතුරු මාර්ගයකට දමා පලා යාමට තැත් කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කෙටි මාර්ගයක් ඔස්සේ ගමන් කර තංගල්ල වීරකැටිය මාර්ගයේ අලුත්ගොඩ හන්දිය අසලදී ලොරි රථය නතරකරන ලෙස අණ කළ ද එය නොනවත්වා ධාවනය කර ඇත.
එහිදී වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ලොරි රථයේ දකුණු පස ඉදිරි රෝදයට වෙඩි තබා රථය පසුපස හඹා ගොස් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.