ගලේවෙලදී ටිපරයක් පෙරැළෙයි


( මොහොමඞ් බුහාර්ඩින්)


දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල රංවැඩියාව ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ටිපර් රථ රියදුරෙකුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබු වෙළදසැලක්ද කඩාගෙන ගොස් පෙරැළි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

අද (19)  දා උදෑසන කොළඹ සිට මඩකලපුවට මැටල් තොගයක් ප‍්‍රවාහණය කරමින් තිබු ටිපර් රථ රියදුරෙකුට මෙලෙස රථයේ වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල රංවැඩියාව ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වසා දමා තිබු වෙලදසැලක්ද කඩාගෙන ගොස් රථය ආපස්සට කැරකි ප‍්‍රධාන මාර්ගය හරහා පෙරැලි ගොස් නතර වි ඇතැයි ගලේවෙල පොලිසිය කළ මුලික විමර්ශන වලදි හෙළිවි ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු ටිපර් රථ රියදුරු ගලේවෙල දිසා රොහලට ඇතුළත් කර ඇත.

අනතුරින් පසු මාර්ගය දෙපස මැටල් විසිරි ඇති අයුරු දැකගත හැකි වි අතර ටිපර් රථයේ රොදයක් දෙකට කැඩි රථයට බරපතල හානි සිදුවි ඇත.

ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.