(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල නගරයේ පිහිටි දුරකතන අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
ජංගම දුරකථන සහ භාණ්ඩ සොරා ගන්නා ආකාරය වෙළඳසැල තුළ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි ගලේවෙල පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම පුද්ගලයන් දෙදෙනා වෙළඳසැලේ පිටුපස දොර කඩා ඇතුළු වී තිබේ.
මෙ දිනවල ගලේවෙල,දඹුල්ල ආදී ප්‍රදේශවල නිවෙස් සහ වෙළඳසැල්වල භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිදුවීම් වාර්තා වන බවද පොලිස් ස්ථානාධිපතිවරු පවසති.
මත් කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙයාකාරයෙන් වෙළඳසැල්වලට ඇතුළු වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් මත්කුඩු අලෙවිකරණ පිරිස මත්කුඩු මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම සොරකම් සිදුවන බව ද පොලිසිය කියයි.
මෙම ඡායාරූපවල දර්ශනය වන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසද ගලේවෙල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.