ගලේවෙල අනතුරින් එකම පවුලේ සිව් දෙනෙක් රෝහලේ


 

   

(මොහොමඞ් බුහාර්ඩින්)

දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගමදි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ති‍්‍රරෝද රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටි සිදුවු රිය අනතුරුකින් ති‍්‍රරෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

දඹුල්ල සිට ගලේවෙල කොස්පොතට පැමිණමින් ති‍්‍රරොද රථයේ පිටුපසින් පැමිණ මින් තිබු පොලොන්නරුව  සිට කුරුණෑගලට යමින් තිබු වැන් රථයක් ති‍්‍රරෝද රථයේ පිටුපස ගැටිමෙන් පසු ති‍්‍රරෝද රථය මාර්ගයෙන් ඉවතට විසිවි අසල තිබු වෙල්ලයායකට පෙරැලී මෙම අනතුර සිදුවි ඇතැයි පොලීසිය සඳහන් කරයි.