(ගල්ගමුව නිහාල් ජයවීර)
අඟහරුවාදා දින පැවැත්වෙන ගල්ගමුව සතිපොල කොවිඩ්-19 වසංගතය නිසා අද (4) දින නොපැවැත් විණ.
ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ පිහිටි වැඩිම පාරිභෝගික හා වෙළඳ පිරිසක් පැමිණෙන විශාලතම සති පොල මෙය බවත් එය සෑම සතියකම අඟහරුවාදා දින පෙරවරු 8 සිට පස්වරු පහ හය දක්වා පැවැත්වෙන බව ජනතාව කියති.
එහෙත් පවතින වසංගත තත්වය නිසා අද (4) දින් සති පොල පැවැත්වීම නතර කිරීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව තීරණය කොට තිබේ. ඒ බවට වූ දැන්වීමක් ද පොල භූමිය ඉදිරියේ ප්‍රදර්ශනය කොට තිබිණ.