ගල්කොරියට විරෝධය පා බලංගොඩ වැසියෝ වීදි බසිති


 


(වයි.ඵ්.ඵස් වීරවංශ)

බලංගොඩ දහමාන ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් කොරියක් නිසා තම ජිවිත වලට තර්ජනයක් ඇතැයි පවසමින් ප්‍රදේශවාසීහු අද (14) උදෑසන සිට බලංගොඩ නගරයේ ඔරලෝසු කණුව අසල උද්ඝෝෂණයක නිරතව සිටිති.

උද්ඝෝෂණයට සම්බන්ධ වූවන් ප්‍රකාශ කරන්නේ ගල් වෙඩි පිපිරවීමේදි තම නිවසට හා ජීවිතවලට තර්ජනයක් ඇති බවයි.

ඔරලෝසු කණුව අසල මාර්ගයේ වාහන තදබදය අවම කිරීමට බලංගොඩ පොලිසියේ නිලධාරීන් යොදවා තිබේ.