ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 6 ක් අත්අඩංගුවට




 ( එච් ධර්මපාල)

ගල්කිස්ස  ගාලුපාර තෙමහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා  එහි කළමණාකරවරිය ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර  පේරාදෙණිය , හාලි ඇල , ඕපාත,  ඇල්පිටිය, මතුගම වැනි ප්‍රදේශයන් හි  කාන්තාවන්  සිටින බවද පොලීසය සඳහන් කළේය. ඔවුහු අවුරුදු 18-39 අතර පසුවන්නියෝ වෙති.
 
 විවිධ මිල ගණන් යටතේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරය වී ඇතැයි ද  ව්‍යාපාරිකයින්  මෙම ස්ථානයට පැමිණෙන බවත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසය පවසයි.


 ගල්කිස්ස පොලිසීයේ පොලිස් පාරිසරික අංශය  ඊයේ (12)  මෙම වැටලීම සිදු කර තිබේ.