ගල්කටස් තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට


  

 
 
(ජේ.කේ.එල් චාමින්ද සහ දමිත් සදරුවන්)
 
බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සහ ඒ සඳහා යෙදිය හැකි බෝර 12 ජිව උණඩ දෙකක් ළඟ තබාගෙන සිටි 21 හැවිරිදි තරුණයකු  අද අලුයම (19) උමන්දොල නාකියදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.


පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මොහුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරිමෙන් පසු සඟවා තිබියදී මෙකී ගල්කටස් වර්ගයේ තුවක්කුව හා ජීව උණ්ඩ දෙක සැකකරු විසින් ලබාදුන් බව පොලිසිය කියයි. 


අත්අඩංගුවට පත් තරුණයා උමන්දොළ ප්‍රදේශයේ පදිංචි කුරුදු තලන අයෙකු වේ.


මීට වසර හත අටකට පමණ ඉහතදී මොහුට වෙනත් පුද්ගලයකු විසින් මෙම ගල්කටස් වර්ගයේ තුවක්කුව ලබා දී ඇති බවද පොලිසිය  කියයි.  එම පුද්ගලයා මේ වනවිට මිය ගොස් ඇති බවද පොලිසිය කියයි.