ගම්මිරිස් ගොවිහු ස්ථාවර මිලක් ඉල්ලති



 
 
(ඩී.කේ.රත්න)
 
ගම්මිරිස් සදහා ස්ථාවර මිලක් දෙන ලෙස පොරොන්දු වී වසරකටත් වඩා වැඩි කාලයක් ගතවන නමුත් මෙතෙක් ස්ථාවර මිලක් නොමැති වීමෙන් ගම්මිරිස් අලෙවි කිරිමට නොහැකි වී අසීරුතාවයකට පත්වී ඇති බව ගොවීහු පවසති.

රජය විසින් මේ සඳහා නිසි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකරන්නේ නම් දැඩි ක‍්‍රියාමාර්ගයකට එළඹීමට සූදානමින් සිටින බව බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවිහු අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.

බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ සංවිධානය මගින් හාලිඇල විදුර මාධ්‍ය පියසේදී මෙම හමුව පැවැත්විණි.

රජය විසින් ගම්මිරිස් ගොවීන් රවටා ඇති බවත් ගම්මිරිස් ගොවීන් සදහා මිලියන් 2700 මුදලක් පාඩුවීම නිසා රජය එම පාසුව ගෙවීම වෙනුවෙන් මිලියන 600 ක් වෙන් කළ බව පැවසුවද මේ වනතෙක් එම මුදල් ගොවි ජනතාවට ගෙවීමට කටයුතු කර නොමති බවත් එම නිසාම ගොවි ජනතාවට සහන ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බවත් මෙම ගොවීහු පැවසූහ.