ගම්මිරිස් ආනයනය නවතී


නාලක සංජීව දහනායක

 

දේශීය ගම්මිරිස් ගොවියා ආරක්‍ෂා කිරීම සඳහා පිටරටින් ගම්මිරිස් ආනයනය කිරීම නතර කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

මෙරට ගම්මිරිස් ගොවීන්ට සහනයක් ලබාදීම සඳහා තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම දේශීය උඳු ගොවීන් ආරක්‍ෂා කිරීම සඳහා ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200ක බද්දක් පැනවීමට ද තමන් ක‍්‍රියාකරන බවද අමාත්‍යවරයා කීය.

එළවළු ප‍්‍රවාහනය කරන ලොරි රථ මිලදී ගැනීම සඳහා එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ණය පහසුකම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දඹුල්ල ප‍්‍රදේශයේ දී ගොවීන් සඳහා ණය ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් අද (28) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

           

(ඡායාරූප- කාංචන කුමාර ආරියදාස)