ගම්පහ රෝහලේ වෛද්‍යවරු උද්ඝෝෂණයක



 
   
(තිලකරත්න දිසානායක)
 
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අද (18) පැවති වෛද්‍යවරුන්ගේ වර්ජනය අතරතුර රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රෝහල් පරිශ්‍රය තුළදී උද්ඝෝෂණයක නිරතවුහ.


මාධ්‍ය සාකච්ඡාවේ දී රජයේ වෛද්‍ය සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවේ ලේකම් ලක්මාල් රූපරත්න මහතා සඳහන් මෙසේ පැවසීය.

'වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතාවය ගැන කණගාටුව පළ කරන අතර රෝහලෙහි පවතින පරිපාලනමය ගැටලුව විසඳා ගැනීම පිණිස වර්ජනයකට යාමට සිදුවු බවත් සිය ඉල්ලීම වන දැනට රෝහලෙහි වැඩ බලන අධ්‍යක්ෂවරයා පරිපාලනය ඇද වැටෙන තත්ත්වයට කටයුතු කරමින් සිටින නිසා වෛද්‍ය සංගමය හරහා සෞඛ්‍ය ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය ලේකවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කීරීම මත වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කළද එම වෛද්‍යවරයාට රාජකාරීන් බාර නොදීම සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මැදිහත් වීමෙන් ව්‍යාකූල තත්ත්වයක් උදාවු බවත් මෙහි වගකීම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් බාර ගතයුතු බවත්ය.'