ගම්පහ මහබෝක්කුව අසළ මළසිරුරක්


 

 

 

(ටෝනි කරුණනායක සහ තිලකරත්න දිසානායක)

 

ගම්පහ නැදගමුව මහ බෝක්කුව අසල ඇල මාර්ගයේ තිබී ඝාතනය කරන ලදැයි සැකකරන තරුණ පුද්ගලයකුගේ මල සිරුරක් අද (25) ගම්පහ පොලිසියේ සහ ගම්වාසීන්ගේ දැනුම් දීමෙන් සොයා ගෙන තිබේ.

අවුරුදු 30ත් 35 අතර වයසේ පසු වු මියගිය තැනැත්තා කවුරුන් ද යන්න අද (25) සවස වනතුරුත් හඳුනා ගෙන නොතිබිණී. මීට දින කීපයකට පෙර මරණයට පත්ව ඇති බවට සැකකරන මියගිය තැනැත්තා කොට කලිසමකින් සහ බැනියමක් ඇඳ තිබූ අතර ඝාතනය කර එම ස්ථානයට ගෙන විත් දමා ඇද්ද යන්න පොලිසිය සැකකරනු ලබයි.

ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය අද (25) සවස මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වමින් මරණකරුගේ මළ සිරුර සහ ස්ථාන පරීක්ෂණ කරනු ලැබීය.

මළ සිරුර ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත වැඩිදුරටත් නියම කළාය.