(හර්ෂණ තුෂාර සිල්වා)
ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාවට බඩු භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස, කෝප් සිටි මිනි කෝප් සිටි සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය හෙට (9) සිට විවෘත කර තබන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි එම පියවර ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස ශාඛා 47ක් තිබෙන බවත් ඒ සියල්ල අද සිට විවෘත කර තැබෙන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට රජය ක්‍රියාත්මක කරන වැඩසටහනට සහාය වීම සඳහා මෙම පියවර ගන්නා බව ද හෙතෙම කීය.
මේ අනුව වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තබන්නැයි උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීවේය.
ගම්පහ පොලිස් කොට්ඨාසයේ සියලු පොලිස් බල ප්‍රදේශවලටත්, මීගමුව සහ කැලණිය පොලිස් කොට්ඨාසවල පොලිස් බල ප්‍රදේශ දෙකකටත් නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.