ගණිකා ජාවාරමේ යෙදුන මෝස්තර නිරූපණ ශිල්පිනියක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අන්තර් ජාලයේ සැරි සරමින් ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යෙදුණු මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු වත්තල රූපලාවන්‍යාගාරයක් තුළදී අද (01) අත් අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය කියයි.

සැකකාර මෝස්තර නිරූපණ ශිල්පිනිය රූපලාවන්‍යාගාරයක් සිදුකරන මුවාවෙන් වෙනත් කාන්තාවන් ද ගණිකා සේවයේ යොදවන බවට පානදුර වලාන දුෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.

මෝස්තර නිරූපණ ශිල්පිනියගේ ජංගම දුරකතනය සමඟ සම්බන්ධ වෙමින් කාන්තාවන් ඇනවුම් කළ පොලිස් උපාය දූතයාට සැකකාර මෝස්තර නිරූපණ ගීල්පීනිය ඒ සඳහා රුපියල් 20,000 මුදලක් ඉල්ලා තිබේ.

එම මුදල ලබාදී කාන්තාවක් මිලදී ගැනීමට එකඟ වීමෙන් අනතුරුව අවශ්‍යනම් ඇයව පිටතට රැගෙන යා හැකි බවත් සැකකාරිය පවසා තිබූ බව පොලිසිය කියයි.

උපක්‍රමශීලිව පිටත රැඳී සිටි පොලිස් කණ්ඩායමක් එම කාන්තාවන් තිදෙනාම අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කොළඹ සහ කලුතර පදිංචිකාරියන් වන බවත් මොවුන් වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමට සඳහා වත්තල පොලිසියට භාර දුන් බවත් එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.