ගණිකා වෘත්තියේ යෙදුණු කතුන් දෙදෙනෙකුට දඩ


ඩී.ජි.සුගතපාල
 
ගණිකා වෘත්තියේ යෙදී සිටිම සඳහා ගණිකා නිවාසයක රැඳිසිටිම සම්බන්ධයෙන් වරද පිළිගත් කාන්තාවන් දෙදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයකුට රුපියල් 50,000/- බැගින් දඩ නියම කළේය.

මෙම කාන්තාවන් පොළොන්නරුව හා අනුරාධපුරයේ පදිංචිකරුවෝ වෙති.

අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා  මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.