ගංජා සමඟ දඩමස් විකිණූ අයෙක් අල්ලයි


 

 

 

(දිලීප් ජයසේකර)

 

කතරගම පුදබිමේ කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයකු හා දඩයමේ යමින් සිටි පුද්ගලයකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (29)  අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම පුදබිමේ  කේරළ ගංජා අලෙවි කරමින් සිටි ගාමිණිපුර, කතරගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය යට ඇඳුමේ සඟවාගෙන වන්දනාවේ පැමිණෙන පිරිස් වෙත ගංජා අලෙවි කරමින් සිටියදී කේරළ ගංජා මිළිග්‍රෑම් 18000ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

දඩයමේ යමින් සිටි පළමු පෙළ, නාගහවීදිය පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු ද මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරු සතුව තිබි සොයා ගෙන තිබේ.

සැකකරු වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් වෙත දඩ මස් ලබාදිමට  දඩයමේ යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.