ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව රාජකදලූව ප‍්‍රදේශයේ පොල්වත්තක සඟවාතිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමක් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අද(14) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයේ සැඟව සිට සිද්ධියට අදාල සැකකරු එම ස්ථානයට පැමිණි පසු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා තොගයේ ගංජා ග‍්‍රෑම් 1775 ක් තිබූ බවත් එහි සාමාන්‍ය වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවත් පොලිසිය පවසයි.