(ඩී.කේ.රත්න)
තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප‍්‍රදේශයේ පර්චස් දෙකක ඉඩමක වගා කර තිබූ ගංජා ගස් 135ක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කිරම වෙළඳගොඩ ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ගංජා ගස් 135ක් සමඟ අයෙක් අත්අඩංගුවට
Recommended Articles