පොසොන් පොහොය නිමිත්තෙන් ගංඟාරාම සීමාමාලක පරිශ්‍රයේදී ජූනි 1වැනිදා සිට 3 වැනිදා දක්වා පිංකම් රැසක් සංවිධානය කර ඇත.
ජූනි 1 වැනි සඳුදා සවස 5.30ට අයිස් ක්‍රීම් දන්සල, සවස 6 සිට 7 දක්වා භක්ති ගීත ප්‍රසංගය හා පොසොන් කූඩු තරඟය රාත්‍රී 7 සිට 7.45 දක්වා පැවැත්වීමට නියමිතය. පොසොන් කූඩු තරඟයේ ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය රාත්‍රී 7.45 ට සිදු කෙරේ.
ජූනි 2 වැනි පෝදා සවස 5.30 සට බෙලිමල් දන්සල සහ තෙල්, මල්, පහන් දන්සලක්ද සවස 6 සිට 7 දක්වා භක්ති ගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතය.
සවස 7 සිට නාවික හමුදාව සංවිධානය කරන බැති ගී සරණිය සහ මහින්දාගමනය ඉඟි නළුව පැවැත්වේ.
ජූනි 3 වැනි බදාදා සවස 6 සිට 7 දක්වා එන්.ඩී.බී බැංකුව අසල භක්ති ගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.