කෝටි 70 කින් ජල පෙරහන් පද්ධති 438 ක් ජනතා අයිතියට



 
 
 
බිඟුන් මේනක ගමගේ 
 
වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ හත්දහසක පමණ වියදමින් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 438 ක් මේ වනවිට ජනතා අයිතියට පත්කර ඇතැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.
 
ජලය ලීටර් ලක්ෂ 43 ක් දිනපතා මෙමගින් පිරිසිදු කෙරෙන අතර එයින් ප්‍රතිලාභ ලබන පිරිස ලක්ෂ දහයකි.
 
මේ යටතේ ජල පද්ධති 162 ක් අනුරාධපුරයේ ද 58 ක් කුරුණෑගල ද 44 ක් මොණරාගල ද 40 ක බදුල්ලේ ද 36 ක් වව්නියාවේ ද 30 ක් මාතලේ ද 28 ක් පොළොන්නරුවේ ද 15 ක් ත්‍රිකුණාමලයේ ද 5 බැගින් මුලතිව් හා පුත්තලමේ ද දිස්ත්‍රික්ක වශයෙන් ස්ථාපිත කර ඇත. 
 
මේ වනතුරු දිස්ත්‍රික් එකොළහක් පුරා ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝග වසංගත තත්ත්වය මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ ද පැතිරීමේ අවදානමක් පවතින බව කියන එම බළකාය ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය, නවගත්තේගම ප්‍රාථමික විද්‍යාලය, දංකොටුව මැටිකොටුව නෙළුම් උයන යන ස්ථානවල ද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති පිහිටුවන බව පවසයි. 
 
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකායේ සහ විවිධ දානපතීන්ගේ මුල්‍ය දායකත්වය මත ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ජල පද්ධති ස්ථාපිත කෙරේ.