(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 231ක් ජාවාරම් කළැයි කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බේරුවල පදිංචි දිනයාදුර දුලිප් ලසන්ත ද සිල්වා (41) එම්. රික්සි මොහොමඞ් සහ දිනයාදුර දිලිප් සුසන්ත නැමැත්තන්ය.
මෙම සැකකරු 1984 අංක 13 අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ගයක් වූ හෙරොයින් කිලෝග‍්‍රෑම් 231කයි ග‍්‍රෑම් 54ක් ඡාවාරම් කර සන්තකයේ තබාගත්තැයි කියමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.