කෝට්ටේ මහ නගර සභාවේ නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ අභිනවයෙන් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය එළිදැක්වීම කෝට්ටේ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී  (31) පැවැත්විණ. 
 
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව තොරතුරු හෙළිදරව් කිරීමේ සංකල්පය මත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වෙබ් අඩවිය එළිදැක්විණි. 
 
නාගරික වැසියන්ට නගරසභාව මගින් සිදු කරන ලබන සියලුම සේවාවන් පිළිබඳව තොරතුරු දැනගැනීමටත්, ඉල්ලුම්පත්‍ර ලබා ගැනීමටත් පහසුකම් මෙමගින් හැකි වේ. 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති නීතීඥ මධුර විතානගේ මහතා විසින් නිල වශයෙන් වෙබ් අඩවිය එළි දැක්වූ අතර මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් එහි තාක්ෂණික උපදේශිකා චමින්ද්‍රී සපරමාදු , ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි යන මහත්ම මහත්මීහුද එක් වූහ.