කෝට්ටපිටිය වැවෙන් මළ සිරුරක් හමුවෙයි



 
රෝවන් පෙරේරා

                                                       
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය වැවේ පුද්ගල පිරිමි මළ සිරුරක් ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිට මෙම ප්‍රදේශයට පැමිණ සිටි පුද්ගලයකු බව ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.
අද (18) පෙරවරුවේ ප්‍රදේශවාසින් කළ දැනුම් දීමකින් පසුව ආරච්චිකට්ටුව පොලීසිය පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇත. 

මළ සිරුර හඳුනා ගැනීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බවත් සිරුර ගොඩ ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මුලික රෝහලට රැගෙන යාමට නියමිත බවත් පොලිසිය කියයි.