( නාලක සංජීව දහනායක)
කොළඹ දිස්ත‍්‍රික්කයේ නාගරික ප‍්‍රදේශවල ජනතාවට මිනි බවුසර් මඟින් දියර කිරි බෙදාහැරීමට ජාතික පශූ සම්පත් මණ්ඩලය සූදානම් වේ.
ඒ අනුව එදිනෙදා දොවාගන්නා නැවුම් කිරි මෙම බවුසර් හරහා ජනතාව වෙත ලබාදීමට ඔවුන් සූදානම් වේ.
පිටිකිරි භාවිතය අඩුකරමින් ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් දේශීය කිරි ගොවියා නඟා සිටිවීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කරයි.
එමෙන්ම ගොවිපළවල නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය පශූ සම්පත් මණ්ඩලයේ වෙළ`දසැල් තුළින් පාරිභොගිකයන්ට අළවිකිරීමටත් ඔවුන් කටයුතු යොදා ඇත.