කොළඹ ආහාර ප්‍රවර්ධනට විශේෂ ඒකකයක්


(ජයන්ත සමරකෝන්)
 
කොළඹ නගරයේ ආහාර ප්‍රවර්ධන කටයුතු සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
 
නගරයේ සියලුම හෝටල් සහ ආපනශාලාවල ආහාර ප්‍රවර්ධන කටයුතු මෙන්ම ඊට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය හා වැටලීම ද මෙමගින් සිදුවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.