කොළඹ ආපනශාලා ගැටලු දැනුම් දෙන්න දුරකතන අංකයක්


(ඉන්දිකා රාමනායක)
 
කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලාවල ආහාර  පිළිබඳව ගැටලු ඇතිනම්  ජනතාවට තොරතුරු ලබා දිය හැකි  විශේෂ ක්ෂණික ඇමැතුම් අංකයක් කොළඹ නගර  සභාව හදුන්වා දී ඇත.
 
0112- 676161 දරණ මෙම ක්ෂණික ඇමැතුම් අංකයෙන්  ජනතාවට තොරතුරු ලබා දිය හැකි බවත්   එය  පෙරවරු 7.30  සිට රාති‍්‍රයේ 9.00 දක්වා  විවෘත පවතින බවත්  කොළඹ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  රුවන් විජයමුණි මහතා කියා සිටියේය.
 
ජනතාව ලබා දෙන  තොරතුරට  අනුව පැය බාගයක් ඇතුළත  නිලධාරීන් යොදවා එම ස්ථානයේ  වැටලීම් කරන බවද වෛද්‍ය විජයමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේය.