(නිමල් ජයරත්න)
ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(05) වැලිකන්ද ප්‍රදේශයේදී පැවැත්විණි.
උද්ඝෝෂකයෝ පිරිසක් රේල් පීලි මත ගල් තබා කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් පැවති මගී ප්‍රවාහන දුම්රියක් නතර කිරීමට ද පියවර ගත්හ.
රජය විසින් වී සඳහා ලබාදෙන වී කිලෝවක සහතික මිල රුපියල් 60දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.