(ප්‍රසාද් රුක්මල් )
කොස්ලන්ද අලුත්වෙල උණකන්ද රක්ෂිතයේ හොර රහසේ වගාකර තිබූ කංසා වගාවන් තුනක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා කංසා පැල 6000ක් ගිනිතබා විනාශ කර කංසා පැල 75 ක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
වනසතුන් දඩයම් කිරිමට අලුත්වෙල හේනක පැලක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවියක් සමඟ තරුණයකු මීට අමතරව අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි.
මිද්දෙණිය සහ හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 55 සහ 22 හැවිරිදි දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .