(ප්‍රසාද් රුක්මල් )
කොස්ලන්ද අන්නාසිගල රක්ෂිතයේ කංසා තවාන් 3ක් ඊයේ (21) රාත්‍රී වටලා කංසා පැල 2650ක් ගිනිතබා විනාශ කර නඩු භාණ්ඩ ලෙස කංසා පැල 90ක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
කංසා වගාවේ කංසා පැල අගල් 11ක් පමණ උසට තිබිණි .
වැටලීම සිදුකරන විටත් සැකකරුවන් කංසා පැල තවාන් අතහැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි .