(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ කයිට්ස් මණ්ඩතීව් මන්සන්ධියේ තිබී මියගිය පොලිස් නිලධාරියකුගේ මළ සිරුරක් යාපනය කයිට්ස් පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
මළ සිරුර කයිට්ස් රෝහලට බාර දීමෙන් පසුව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ එම පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ එස්.ගාමිණි නැමති 47 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කයිට්ස් මණ්ඩතිව් මංසන්ධිය අසල ස්ථානයක රාජකාරියේ යොදවා සිටියදි හදිසියේ මිය ගොස් තිබේ.

