කොස්ගොඩ ඝාතනයේ සැකකරු අල්ලයි


 

(එම් .සුසිල් ප්‍රියන්ත)
   
කොස්ගොඩ හෑගල්ල පියගමදී ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර පලා ගොස් සැගවී සිටි සැකකරු කොස්ගොඩ බාන්වැල්දූව ප්‍රදේශයේදී අද (1) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව  කොස්ගොඩ පොලීසිය කියයි.
       
නව වසර උදාවීම නිමිත්තෙන් රතිඥ්ඥා පත්තු කිරීම සම්බන්ධයෙන්වූ ආරවුලක් මත මේ ඝාතනය සිදුව ඇත.
    
ඝාතනයවී ඇත්තේ කොස්ගොඩ හෑගල්ල පියගම පදිංචි 24 හැවිරිදි එම්.කසුන් විශ්වජිත් නමැති එක්දරු පියෙකු  බවද පොලීසියකියයි.
      
සැකකරු අද (1) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
 
කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව  වැඩිදුර පරීක්ෂණ පවත්වති.