(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල ප්‍රදේශයට ඇතිවූ අධික වර්ෂාසහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල කෝවිඩ් 19 රෝගීන් රඳවා සිටින උඳුගොඩ, කබගමුව රෝහල් පරිශ්‍රය අසළ ද නාය යෑමක් සිදුව ඇත.
කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ කඩිනම් උපදෙස් අනුව මේ වන විට රෝගීන්ට කිසිදු අවහිරයක් නොවන පරිදි තත්ත්වය ආරක්ෂිතව පාලනය කර ඇත.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී, ග්‍රාම නිලධාරීන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් , ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව රෝහලේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කරඩුපොන හනදිය ජලයෙන් යටවීම නිසා ගමනාගමනට බාධා ඇතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට ලක්වූ නමුත් මේවනවිට මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට කඩිනම් පියවර ගෙන ඇත. මේ වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය කර තිබේ.
එමෙන්ම රෝහල් භූමියේ තවදුරටත් නාය යාමේ අවදානමක් පවතී ද යන්න සොයා බැලීම සඳහා හෙට දිනයේ දී ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂා කිරීමට නියමිතව ඇත.