(චන්දන ප‍්‍රනාන්දු හා වෙන්නප්පුව රවින්ද‍්‍ර ලියනගේ )
බෝලවත්ත අංගම්පිටිය කොච්චිකඩේ හා මීගමුව ප‍්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් සමඟ සොරාගත් රන්භාණ්ඩ හා ටැබ් ඇතුලු පරිගණකයක් අද (23) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හා ත්‍රිරෝද රථ රියදුරෙකි .
මෙයට සති 2 ට පෙර බෝලවත්ත හා අංගම්පිටියේ නිවෙස් දෙකට ඇතුලු වු පිරිසක් එම නිවෙස්වල තිබු රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන්භාණ්ඩ හා රුපියල් ලක්ෂයක් පමණ වටිනා ටැබ් යන්ත‍්‍ර 2ක් හා මුදල් සොරාගෙන යාම සම්බන්ධයෙන් නිවෙස් හිමියන් පොලිසියට කරන ලද පැමිණිලි මත කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් හා සොරාගත් භාණ්ඩ අත් අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය කීය
එම නිවෙස් දෙක ආසන්නයේ තිබු ත‍්‍රිරෝද රථයක් පිළිබඳව ආරක්ෂිත කැමරා දත්තවල සටහන් වු තොරතුරු මත වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විමර්ශනයක යෙදෙමින් සිටින අතරතුර කැමරාවල සටහන් වු ත‍්‍රිරෝද රථයට සමාන එකක් වෙන්නප්පුව නගරාසන්නයේ නතරකිරිම දැක ඇති නිළධාරින් එහි සිටි පුද්ගලයන් නවත්වා පරික්ෂා කිරමින් සිටින අතරතුර එක් අයෙක් පලායාමත් තවත් අයෙකුගේ දුරකතනයට ආ සැකකටයුතු ඇමතුමත් හේතුවෙන් අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරිමේදි මෙම හොරකම හෙළි කර ගැනිමට හැකි වු බව පොලිසිය සඳහන් කළේය.