කොටුව දුම්රිය ස්ථානයේ ඩිජිටල් කාලසටහනේ ලෙඩක්


බිඟුන් මේනක ගමගේ 
 
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන් දැක්වෙන ඩිජිටල් තිරයේ තාක්ෂණික දෝෂයක් නිසා  තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටිතැයි මගීහු මැසිවිලි නගති.
 
ධාවනය වීමට නියමිත දුම්රිය  32ක පමණ කාල වේලා මෙමගින් දැක්වෙන නමුත් දැන් එහි ප්‍රදර්ශනය වෙන්නේ දුම්රිය 8ක වේලාව පමණි.
 
ඇතැම් දුම්රිය කාල සීමා ගැන භාෂා තුනෙන්ම නිවේදන නිකුත් නොකෙරෙන නිසා විදෙස් සංචාරකයෝ මෙමගින් විශාල සන්නිවේදන ප්‍රශ්නයකට මුහුණ පා සිටිති.